ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට විදහාපාන එක් සැරසිලි ක‍්‍රමයකි ‘ගොක් කලාව‘.ගැමි ජනයා තොවිල් - පවිල්වලට,
පිරිත් මණ්ඩපයට,
තොරණට,
මඟුලට,
මරණෙට ගොක් කොළ
සැරසිලි යොදාගත්හ.
ළපටි පොල් කොළය - ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ අැති කොළ: ගොබ කොළ: ගොප් කොළ: ගොක් කොළ වූ
බව පැහැදිලිය
සශ‍්‍රීකත්වය සංකේතවත් කරන
පුන්කලස,
පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි,
ගොක් ගෙඩි,
තොවිල් පවිල් ආදියට
යොදාගන්නා පහන් පැළ,
තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය,
සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන,
වෙසක් පහන,
මඟුල්
පෝරුව,
මුතු කුඩය,
අනුරාධපුර,
පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත
තනිමාලේ තොරණ,
තොවිල්වලට යොදාගන්නා
පිදවිලි සැරසිලි,
ගම්මඩු - දෙවොල්
මඩුවලදී දැකිය හැකි බිසෝකප,
වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ,
ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය. මේ හැරුණු විට
කුඩා දරු දැරියන් විනෝදය සදහා සකස් කරන නිර්මාණ ද විශාල ප්‍රමාණයක් අැත.
හුලංපෙත්ත,
ගොක් කොළ ඔරලෝසුව,
නෙළුම් මල,
නයා,
පත්තෑයා,
ඉස්සා, ගිරවා වැනි
නිර්මාණ රැසක් ගොක් කොළ අාශ්‍රිතව සිදු කරයි.
ගැමි ජනයා තොවිල් - පවිල්වලට,
පිරිත් මණ්ඩපයට,
තොරණට, මඟුලට,
මරණෙට ගොක් කොළ සැරසිලි යොදාගත්හ.
මාතලේ දිස්ත්‍රිකයේ උකුවෙල තල්ගහගොඩ ගමේ ගොක් කොල සැරසිලි කරන අපූරු
කලාකරුවෙක් අපට හමුවිය ඔහු නමින් මහේෂ් සම්පත් තල්ගහගොඩ ඉතා චමත්කාරජනක ගොක්
කොලයෙන් කරන ලද සැරසිලි අපමනය. ලක්දෙරනේ අනන්‍යතාව සුරකින මෙම කලාකරුවාගේ සුරතට
මෙම අපමන දැනුම ලාබගැනිමට ගුරුහරුකම් ලබා දී ඇත්තේ සිරිවර්ධන
තල්ගහගොඩ සහ හීන්බබා ධර්මසිරි යන ප්‍රවීණ
කලාකරුවන් දෙපලයි. මොහුගේ සුරතින්
සැකසුන ගොක් සැරසිලි වල ඡායාරූප පහත
දැක්වේ. |