ශ්‍රී දළඳා පෙරහැර
දෙස් විදෙස් බෞද්ධ දනන්ගේ මෙන්ම ශ්‍රී ලාංකීය රාජ්‍යත්වයේ
සංකේතය බදු වු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඒදා මෙදා තුර පුපෝපහාර
ලබමින්
වසරක් පාසා
අති උත්කර්ශවත් අන්දමින් විදි සංචාරය කරනු
ලබන්නේය.කිත්සිරිමෙවන් රජදවස එනම් ක්‍රි :ව :301- 328 කාල පරාසය තුළ
රාජ්‍යත්වය
හොබයනු ලැබු කිත්සිරි මෙවන් රජ සමයේදිය. මහවංශයේ සදහාන් වන
පරිදි කහවනු නව ලක්ෂයක් වියදම් කොට දළඳා පෙරහැර කළ බවය. එසේම
අවුරුදු පතා
අභයගිරි
විහාරයට වඩා ගෙන
ගොස් දන්ත ධාතුන් වහන්සේට මෙබදු වු පුජාවන්
කරවන්න යැයි නියෝගයෙන් සඳහාන්වේ.“පාහියංගේ
දේශාටන වාර්තාවෙහි
රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු
ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි
බිනී මෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්,
පැළඳුම්,
හඳවා පළඳවා,
මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා
මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන්
වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ
සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද,
සිය බිසව ද,
දරුවන් ද,
දන් දුන් සේක.
තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක....... අද සිට දස
දිනකින් ඒ බුදු
රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති
සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ,
මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ
පිළියෙල කෙරෙත්වා”
යනුවෙන් සදහාන්වේ.
මේසේ කිත්සිරිමෙවන් රජ දවස පටන් ශ්‍රි ලංකා ද්විපයෙහි රාජ්‍යත්වය
හොබයනු ලැබු සියළු රජ දරුවන් විසින්ම
සතුරු ආපදාවන් අවස්ථාවන්හි හැර අන්
සියළුම අවස්ථාවන් හිදිම ශ්‍රී දළඳා පෙරහැර ඉතාමත් බැතියෙන් මහත් හර සරින්
පැවැත් වු වග සදහාන්වේ.පොළොන්නරු යුගයේදි මහ පරාක්‍රමබාහු රජතුමා
විසින්
දළඳා පෙරහැර පැවැත්වු ආකාරය
පිළිබඳවමහාවංශ ටිකාවේ මෙසේ සඳහාන්වේ “රජ
ගෙදර පටන් යොදනක් තැන් මඟ අතුල්
තලයක් සෙයින් සමතලා කරවා සියලූ සතුන්ගේ
වැඩෙහි ඇලුනේ හැම තැන්හි සිතියම් දරන්නා වු ලෝකානන්ද හේතු වු
තොරන් කරවා
තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පෙරම්පරා ඇති පුල් වියන් පැළලි
බඳවා,
තොරන් ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම්
මුදුනුත් ඡත්‍රචාමර පන්තීන් හා නානා
පුෂ්ප කලාපයන් ද,
විසිතුරු කොඩියෙන් ද,
පුජාවට සුදුසු අන්‍යවු දෙයින් ද සරසා මාර්ගයාගේ උභය පාර්ශවයත් පළදරන
තැඹිලි,
කෙසෙල්,
පුවක් පොල් ගස් ආදියෙන් හොබවාම නාමල් කළසින් හා පුන්
කළසින් ද සරසවා ත්‍රීදශේන්ද්‍රයාගේ
සුදුසුන් වෙය සෙයින් මාර්ගාමාර්ග දෙක්හි
විචක්‍ෂණ වු රජතෙමේ මාර්ගයන් අලංකාර කරවා දළදා ගෙදොර මාලකයන් අලකා
නුවර සේ
සත් පුරුෂයන් සතුටු කිරීමෙහි හැකි වු චතුර රජතෙමේ ජනයන් පිනවමින් නොයෙක්
පහන් දහසුන්ගේ අලූයෙන් හාත්පස සියළු
දිගුන් හා එසේම විදිසාවෙන් එකළුකොට
ඡත්‍රචාමර පන්තීන් ද,
විචිත්‍රධජ පන්තීන් ද,
නානා වර්ග පතාකාදියෙන් ද,
සියලූ අහස් කුස වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන් ද,
අසුන්ගේ හේසා රාවයෙන් ද,
රථයන්ගේ චක්‍රනාදයෙන් ද,
භෙරීන්ගේ භාන්ධාකාරයෙන් ද,
සියලූ මංගල සංඛයන්ගේ
මනෝහර ශබ්දයෙන් ද,
කාහලයන්ගේ ශබ්දයෙන් ද,
වන්දීන්ගේ ජය ඝෝෂාවෙන් ද,
සාදුකාර
ධ්වනියෙන් ද,
සියලූ දිගුන් දොඩමලූ කෙරමින් මිහිපල් තෙමේ සර්වාභරණයෙන්
විභුෂිත වු රුන්සැක් ආදියෙන් සැදුම්
ලද ප්‍රවර ශෝභා ඇති ඇතකු නැඟී නොයෙක්
එකල්හි ඒ මහා මේඝය තෙමේ උත්සව ස්ථානයෙන් බැහැර වැසි දහරින් ගංවතුර
ඇත්තේ
හැම තැන්හි වැව් පුරවමින්.”
දඹදෙණි රාජධානි අවධියේහිද දෙවන පරාක්‍රමබාහු රජතුමාද තෙමසක් පුරා උත්සව
පවත්වමින් දළඳා පෙරහැර පැවැත්වු වඟ ද,
යාපහුව රාජධානියේදි අලි ඇතුන් විශාල
සංඛ්‍යාවක් සමගින්
කොඩි සේසත් චාමරද සහිතව විදි සංචාරය කළබව පැවසේ.
කුරුණැගල යුගයේදි සිව්වන පරාක්‍රම රජ දවස දළදා පෙරහැර පැවැත් වු
ආකාරය දළඳා
සිරිත නම්
ග්‍රන්ථයේහි ව්‍යවස්ථාවන්ට අනුව “නගරය දෙවිපුරයක් සේ සරහා උතුරුඵමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං
දෙකුලයෙන් නිස්සන් සම`ග
වැඩහුන් කරඩුව ගඳකිලියෙන් මෑත් කොට
විසිතුරු කොට සරහන ලද රථයෙහි
භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරව වඩා යන ලෙස
රථයට
නැගෙනුව ඉසා,
සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට
සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි
බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින්
වඩනාව ඉසා දොරනා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර
පිරිත්
පැන් ඉස්වනුව ඉසා,
රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා,
දළදාගෙහි ධුරය
හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා,”
යනුවෙන්
මෙසේ
සඳහාන්වේ. තවද දළඳා සිරිතෙහි එන
චාරිත්‍රයන්ට අන්‍රව අඛණ්ඩව වර්ථමානයේදිද
පවත්වාගෙන එනු
ලබයි.වංශ කතාවන්හිදි සඳහාන්වන පරිදි කුරුණැගල රාජධානියේ සිට
ගඟසිරිපුර රාජධානියටත් පිළිවෙළින් කොට්ටේ රාජධානියටද අනතුරුව
සිතාවක
රාජධානියේ
දෙගල්ගමුව රජමහා විහාරයටද දළදාවහන්සේ වැඩම වු බව මහා වංශ
කතාවන්හි සදහාන් වන අතර ඉහතකි රාජධාතු තුළදි
ද සම්ප්‍රදායානු කූලව ඇසල
පෙරහැර මංගල්‍ය පැවැත් වු බව සැලකිය හැකිය.
අනතුරුව කන්ද උඩරට පළමු විමල ධර්මසුරිය රජ දවස
දළදා වහන්සේ
සෙන්කඩගල
පුරවරයට වඩම්මවා ඇසල පෙරහැර මංගල්‍ය පැවැත් වගද වංශකතා ආදියේහි සදහාන්වේ.
මහනුවර යුගයේදි
දෙවන රාජසිංහ රජ දවස
සිරකරුවකු වු
රොබට්නොක්ස්
නැමැත්තකු ශ්‍රී දළඳා වහන්සේ විදි
සංචාරය කළ ආකාරය පිළිබඳව මෙසේ සඳහාන් කොට
ඇත.පෙරහැර ඉදිරියෙන් පට පිළි යෙන් ඔතා සරසන ලද ලීකේ කර තබාගෙන මුඛවාඩම්
බැඳ ගෙන හස්තියකු පිට නැග වීදි සංචාරය කළ බවද ,
මහජනයා එයට පුද සත්කාර කළ
අතර අලි ඇතුන් 40
ක් බෙර දවුල් තම්මැට්ටම් වයන්වුන්ද දළ නැට්ටුවෝද ගමන්
කළබවත් සදහාන්වේ .තවද මේ අවදියේදි ඇසල දෙවියන්ට පුජොපහර
වශයෙන් පැවති
පැවති සිව්
මහා දෙවාලයේ පෙරහැරක් වශයෙන් පැවැත් බවත් සදහාන්වේ.
තවද කීර්ති ශ්‍රී රාජසිංහ දවස දළඳා පෙරහැර පෙරටු කොට ගෙන නාථ
විශ්ණු
කතරගම සහ පත්තිනි ආදි සිවු මහ දේවාල
වෙත පිළිවෙළින් ගමන් ගන්නා ආකාරයෙන්
ඇසල පෙරහැර පැවැත් විම ආරම්භ කරණ ලදි . එතැන් සිට වර්ථමානයේ දිස්වන පරිදි
චිරාගත සම්ප්‍රධායානු කූලව පෙරහැර පැවැත්වේ. වංශකතාදියේ සඳහාන් වන
පරිදිරජ
තෙම
පත්තිරිප්පුවේ පෙණි සිටිමත් සමඟින් ප්‍රසස්ති ගායනා කිරිමද
අනතුරුවරජ
මහාදිකාරම්
අමතා ඒඒ දිශාවල අය පෙළ ගැසි සිටින්නේ දැයි විමසිමෙන් හා ඒ
වඟදැන්වු පසු රජුගේ නියමයෙන් ආරම්භවන
බව සදහාන්වේ .
වෙල්ලස්සේ
දිශාව සහ ජෝන් ඩේවිඩ්
දුටු පෙරහැර
අනුපිළිවෙළින් මුලාශ්‍රයන්හි මෙසේ සඳහාන්වේ.
1.
ලේකම් මිටිය පන්හිද සමඟ ලේකම්
2.
හස්තියා මහ කොඩිය සමඟ ගජනායක නිලමේ
3.
කොඩි තුවක්කු ලේකම් හා ඔහු
පිරිවරාගත් කොඩිතුවක්කු පිරිස හා කොඩිතුවක්කු මහ කොඩිය
4.
අත් තුවක්කු හා හතර කෝරළේ දිසාවට
අයත් කොඩි සහිත නිලධාරින් හා පිරිස- ඉරහඳ මහ කොඩිය
5.
හත් කෝරළේ වැසියෝ- සිංහයා මහ කොඩිය
6.
ඌවේ වැසියෝ - හංසයා මහ කොඩිය
7.
මාතලේ වැසියෝ - සුදු මහ කොඩිය
8.
සබරගමුවේ වැසියෝ - කහපාට පටරෙදි මහ
කොඩිය
9.
වලපනේ වැසියෝ - මයුර මහ කොඩිය
10.
උඩපළාතේ වැසියෝ - නෙලුම් මල් මහ
කොඩිය
11.
නුවර කලාවිය - ගජසිංහ මහ කොඩිය
12.
වෙල්ලස්සේ කොටියා මහ කොඩිය
13.
බිම්තැන්නේ ගිරවා මහ කොඩිය
14.
තමන්කඩුව වලහා මහ කොඩිය
15.
උඩුනුවර යටිනුවර තුම්පනේ.
හාරිස්පත්තුව දුම්බර,
හේවාහැට,
කොත්මලේ,
උඩබුලත්ගම,
පාත බුලත්ගම යන රටේ මහත්වරු ඇතුළු කොඩි
16.
රෙදි වලින් ආවරණය කරන ලද උණ ලී කැබලි
වලින් තැනු රූප
17.
කරඩුව රැුගත් මාළිගාවේ ඇතා. ඊට
පිටුපසින් සෙසු ඇතුන් පිරවැරු ජනයා
18.
නායක්කර් ලේකම් නිල්පාට කොඩිය
19.
අතපත්තු ලේකම් කොඩිය
20.
වඩන තුවක්කු භාර ලේකම් සුදු පාට
කොඩිය
21.
වෙඩික්කාර ලේකම් රතුපාට කොඩිය
22.
ධජ පතාක ගෙනයන්නවුන්
23.
පංචතුර්ය නාදය
24.
නැට්ටුවන්
25.
දියවඩන නිලමේ
26.
සෙසු නිලකරුවෝ
27.
නාථ දේවාලයේ ඇතා,
බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
28.
විෂ්ණු දේවාලයේ ඇතා,
බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
29.
කතරගම දේවාලයේ ඇතා,
බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
30.
පත්තිනි දේවාලයේ ඇතා,
බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
තවද ක්‍රි:ව: 1828 දි සර් එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරවරයා
සමයේදි
ශ්‍රී
දළඳා වහන්සේ
මහා පෙරහැරින් බැහැරට වැඩම වු බවද
වු බව
වාර්ථාවේ . ඒදා මෙදා
තුර කාලය දක්වාම
ශ්‍රී දළඳා වහන්සේ දළඳා මාළිගාවෙන් බැහැරට වැඩම වු බවක්
සදහාන්නොවේ .තවද වර්ථමානයෙහි මංඟල හස්තිරාජයා පිට වඩම්වනුයේ
සාධාතුක
ධාතුන් වහන්සේ
වැඩසිටින පෙරහැර කරඩුවයි.
වර්ථමානයේදි ඇසළ පෙරහැර විදි සංචාරය කරණ අකාරය පිළිවෙළින්
-
ආරක්ෂක රථ
-
කස කරුවන්
-
ගිණි බෝල
-
බෞද්ධ කොඩි හා එක් ජාතිය
කොඩියක්
-
දිසා කොඩි
හත්කෝරළයේ
ඉරහද මහ කොඩිය
දෙව්දුව හත් කෝරළයේ සිංහයා මහා කොඩිය
ඌවේ හංසයා මහා කොඩිය,
මිට අමතරව පැරණි මහනුවර රාජධානියට අයත් දිසා
හා රට නිරූපණය කරණ කොඩි නවය (උඩු නුවර,
යටි නුවර,
හේවා හැට,
තුම්පනේ,
හාරිස්පත්තුව,
කොත්මලේ,
පඩුබුලත්ගම,
පාත බුලත්ගම හා දුම්බර
-
පිත්තල දිසා
කොඩිය
-
කඩුගෙනයන්නෝ
-
හස්තියකු පිට ගමන් ගන්නා රටේ
රාළ
-
හේවිසි කරැවෝ
-
ගජනායක නිළමේ
-
හොරනෑවාදකයෝ
-
චාමරලී
-
කෙලී කණ්ඩායම්
-
පන්තේරූ කණ්ඩායම්
-
තාලම් කණ්ඩායම්
-
හවඩි
ද ගයා
-
නෛයියංඩි කණ්ඩායම
-
කරඩු සරඹ
-
පන්තේරූ නැටුම
-
අත් රබන්
-
තාලං නැටුම
-
පන්තේ රූ නැටුම
-
වේවැල් නැටුම
-
උඩැක්කී නැටුම
-
නෛයියංඩි කණ්ඩායම
-
කඩු නටුම් කණඩායම
-
තම්මැට්ටම් වාදන කණ්ඩායම
-
රබන් රංගන කණ්ඩායම
-
පන්තේරූ නැටුම
-
පතුරූ නැටුම
-
උඩැක්කී නැටුම
-
වෙස් කණ්ඩායම
-
කාරිය කරවන කොරාළ - පෙරහැරේ
කරඩුව භාරව ගමන් කිරිම
-
නාගසිංහම් නානුමුර මංගල්‍ය
-
උඩුවියන් සහිතව පාවඩ මතින්
කරඩුව වඩම්වන මංගල හස්තිරාජයා සමඟදෑලේ ඇතුන් දෙදනා
-
බෞද්ධ කොඩි දෙකක්
-
කවිකාර මඩුව
-
මල් පහන් ගෙන යන්නෝ
-
වෙස් නැටුම්
-
දියවඩන නිලමේතුමා
-
දෙපස මුරා යුධ කරුවන්
හා මුතු කුඩ
-
බුරුම කොඩි දෙකක්
-
ගම් දහයේ විදානේවරු 9
දෙනෙකු සහභාගි වු අතර
වර්ථමායේ 13
දෙනෙකු සහභගිවෙති.
-
විශ්ණු ,
නාථ ,
කතරගම
හා පත්තිනි සිව් මහා
දේවාල පෙරහැර අනුපිළිවෙලින් ගමන් කරනු ලබයි.
ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ දි සිව් මහා දේවාලයන් වැදගත් වන අතර වර්ෂ 1953 පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සිට වර්ථමානය දක්වාම ශ්‍රී දළඳා
පෙරහැර පෙරටු කොට ගෙන මෙම දේවායන්හි පෙරහැරද අනුපිළිවෙලින් පසු
පසින් ගමන්
කරනු ලබයි.
රාජ්‍ය අනුග්‍රහාය අතැතිව මෙම වසරේද ඇසල පෙරහැර විදි සංචාරය කරණු ලැබිණ.
දළදා මාළිගාව
ගෞතම බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ අවසන් වරට
තැම්පත්කර ඇත්තේ
මහනුවර දළදා
මාළිගාවේය.ඉන්දියාවේ කාලිංග රාජධානියේ,
කිත්සිරි මේඝවන්න රජ
දවස (301-328)
දන්ත කුමරු හා
හේමමලා කුමරිය විසින් කාලිංඝ රාජධානියේ සිට
ලංකාවට වැඩම කරනු ලැබිය. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට අත්‍යාවශ්‍ය
සංකේතයක් බවට පිළිගැනුන අතර
විශේෂ කරඩුවක තැම්පත් කර රජවරුන්ගේ ආරක්ෂාව
ඇතිව මාලිගාවේ තැම්පත් කරනු ලැබිය.
විමලධර්මසුරිය රජතුමා (1505-1604) ,
දන්ත ධාතුන් වහන්සේ රත්නපුර
දෙගල්ගමුව සිට පළමුවෙන්ම මහනුවරට වඩම්මවාගෙන ආ රජු බව පැවසේ.
එය තට්ටු
තුනකින් යුත්
කරඩුවක තැම්පත් කරනු ලදහ. එහෙත් විවිධ රජවරුන්ගේ බලපෑම් මත
එවකට රජු විසින් එය මැද මහනුවරට හෝ කුණ්ඩසාලයට ගෙනයනු ලැබිය. දැනට
තට්ටු
දෙකකින් යුත්
කරඩුව සාදන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසින් බව පැවසේ. ඊට
අමතරව මහනුවර රාජධානියේ අවසන් රජු විසින් දළදා මාළිගාව අලංකරණය කර
ඇත. එවකට
රට පාළනය කළ
බ්‍රිතාන්‍ය ජාතිකයින් ශුද්ධ වු දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂාව
සැපයිමට එකඟ වු අතර ,
අදටත් සුපරික්ෂනයක් යටතේ
සෑම පුද
සත්කාරයක්ම කරනු
ලබයි .
වර්තමානයේ එම සුපරික්ෂනයේ
අතිපුජ්‍ය මල්වතු මහානායක ,
අස්ගිරි
මහානායක තෙරණුවන් හා මාළිගාවේ දියවඩන නිළමේ
යන ත්‍රිපුද්ගලයින්ගේ වගකිම මත
කරනු ලැබේ.
ගමන් මඟ (මහා මළුව) දළදා මාළිගාවට පැමිණෙන අමුත්තෙක්ම ක්වින්ස්
හෝටලය
ඉදිරියේ
මහමළුට පිවිසිමට අභිනවයෙනක් තනා ඇති වාහල්කඩ
දොරටුවෙන්
ඇතුල් විය
යුතුයි. එසේ පිවිසෙන අමුත්තන්ටශ්‍රී
ලංකා පළමු අගමැති ඩී.ඒස්. සේනානායක
ස්මාරක පිළිරුව ,
ඇහැලේපොළගේ පුත් කුඩා වීර මද්දුම බණ්ඩාරගේ ස්මාරක පිළිරුව
සහ කැප්පෙට්ටිපොළ දිසාවගේ හිස
තැම්පත් කර ඇති ස්මාරක කුළුන හමුවේ . දකුණු
දිශාවට අඹාඇති අභිනව දන්ත කුමරුගේ හේමමාලා කුමරියගේ රූ දැකිය හැකිය. එම
පිළිරූ වලින් පැවසෙන්නේ එම රාජකීය කුමරා සහ කුමරිය 4
වන ශත වර්ෂයේදි ,
ඉන්දියාවෙන් ගෙන ආ අයුරුය. වම් දිශාවට ,
වාරිය පොළ ශ්‍රී සුමංගල මා
හිමියන්ගේ පිළිරුව දිස්වේ. උඩරට ගිවිසුම අත්සන් කිරිමට පෙර ඔසවන ලද
බ්‍රිතාන්‍ය ධජය බිමට හෙළුවේ ශ්‍රී සුමංගල මාහිමියන් විසිනි. දළදා
විදිය හා
නුවර වැව
(කිරි මුහුද) ද දිසාවේම පිහිටා ඇත එවා තනනු ලැබුවේද මහනුවර
අන්තිම රජු විසින්ය.නාථ හා පත්තිනි දේවාල වම්පැත්තේ පිහිටා ඇත.එම දෙවියන්
දළදා සමිදුන් ආරක්ෂා කරන දෙවියන් ලෙස සැලකේ. එහි ප්‍රතිළුලයක් ලෙස
එම
දෙවියන්ට මහනුවර වාර්ෂික පෙරහැරේදි
වැදගත් ස්ථානයක් හිමිවේ.
බිංගෙය (අම්බරාව) ශාලාව (හේවිසි මණ්ඩප)
අම්බරාව පින්තාරු කරණ ලද බිංගෙයකි.එය සියුම් ලෙස සරසා ඇත.(මකර
තොරණ)
බිංගෙය ,
දළදා කරඩුව
ඉදිරියේ ඇති දිග ශාලාව තෙක් විහිදේ .හේවිසි මණ්ඩපයද
එහිවේ. සේවා කාලයේදි දිනකට තෙවරක් උදේ ,
දිවා හා
සන්ධ්‍යා සමයේ බෙරකරුවෝ
බෙර ගසති. සේවා හමාර වු පසු වන්දනා
කරුවන්ට හා අමුත්තන්ට කරඩුව තැම්පත් කර
ඇති කුටියට ඇතුල් විමට ඉඩ දේ. කරඩුව තැම්පත් කර ඇති කුටිය
වැසු සැනින් බෙර
ගැසීමද
නැවැත්වේ.
ඉහළ මාලය
(Digger)
ඉහළ මාළයට නැගිම සදහා අමුත්තන් වෙනුවෙන් ඇතුල් වන දොරටුව වම්
පැත්තෙන්
තරප්පු පෙළක් ඇත. නගින බහින තැන කුඩා
ස්තුප ඇත. ඒවායේ වටිනා බඳුන් ඇති බවට
ද විශ්වාසයක් පවතී.
දන්ත ධාතු කරඩුව/
වැඩසිටින මාළිගාව (Tooth Relic Shrine)
මල් රැගෙන පෝලිමේ දන්ත ධාතුන් නැරඹිමට පැමිණිය හැක. ඊට අමතරව උදේ දවල්
සහ සවස මාළිගාවේ දොරවල් විවෘත්තව ඇත. භික්ෂුන්ට පහත මාලයේ ඇතුල්වන
දොරටුවෙන් පැමිණිය හැකිවේ. තේවාවන්
සදහා නිරත වන කාර්ය මණ්ඩලීය නොවන
දියවඩමේ
නිලමේ හා විශේෂ අමුත්තන්ද එම දොරටුවෙන් ඇතුල්වේ. පහත මාලයේ ඇතුල්
වන දොරටුව ඉතා සියුම් රීදි කැටයමින් ඔපවත් කර ඇත. එය ශ්‍රේෂ්ඨය
.ධාතු කරඩුව
කුටියේ පිට පැත්තේ කොරිඩෝව
කාමර කිපයකට බෙදා ඇත. ඊට අමතරව කරඩුවේ ඇතුලත
කාමරයේ බැතිමතුන්ට හා අමුත්තන්ට
රත්රන් කුඩා
පෙට්ටියක් දැකිය හැකිවේ.
ශුද්ධ වු ගෞතම
බුදුපියානන්ගේ දන්ත ධාතුව වේ. එය තවත් කරඩු හයක
බහා ඇති අතර
,
එවා ඉතා වටිනා
ලෝහ වලින් සාදා ඇත. තවද එය වෙඩි නොවදින වීදුරු කාමරයක්
තුළ බහා ඇත.කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රධානය කරණ ලද
රත්රන් කුඩා
මංජුසාව සැමට
දැකිය හැකි. එය සාමාන්‍යෙයන් ප්‍රධාන දළ ඇතා විසින් වාර්ෂිකව
පෙරහැරේ රැගෙන යනු ලබයි. එය වටිනා ආභරණ වලින් සහ මුහුදු
බෙල්ලන්ගෙන් සරසා
ඇත. එය රජ
පවුලෙන් ප්‍රධානය කළ
දෙයකි . සමහර විට ,
අලුතින් ඉපදුන
ළදරුවෙකු
එම කරඩුව ඉදිරියේ තබා ආශීර්වාද ලබා
ගනී.
පත්තිරිප්පුව (Octagon)
පහල මාලයේ දොරින් යාමට පෙර ,
අමුත්තන් සාමාන්‍යෙයන් දොරේ වම්පස
පිහිටි
කුඩා කරඩුව වන්දනා කරනු ලබයි. පසුව පත්තිරිප්පුවට ගමන් කරයි. මෙම
කරඩුව තුළ
බුරුමයෙන්
තෑගි කරණ ලද බුදුන් වහන්සෙගේ පිළිමයක්ද ඇත.එම පිළිමය බුදුන්
වහන්සෙගේ දෑත් පොළවට ගෑවෙන ආකාරයට පෙනෙන්නට තිබේ.පත්තිරිප්පුව සාදන ලද්දේ
මහනුවර
අන්තිමට රජ වු ශ්‍රී වික්‍රමරාජසිංහ
රජු විසිනි. එය මහල් දෙකකින්
යුත් ද්ත්ව
සේවක අවශ්‍යතාවය අපේක්ෂාව ගොඩනගා ඇත.
ස්පර්ශීරේකීය ගොඩනැගිලි (Tangential Buildings)
අමුත්තන් වම දකුණ හා පිට පැත්තෙන් යන පැති තුනෙන්ම ඇතුල්
වනඅවුරුද්ද පුරාම දන්ත ධාතුන්
වහන්සේගේ
විවිධ කාර්යයන් සඳහා ගොඩනැගිලි
සාදා ඇත. ජුලි මාසයේ මුල් භාගයේ වැසි සමයේ
,
අස්ගිරි මල්වතු
දෙපාර්ශවය
පුජ්‍ය ස්ථානයේ කාර්යයන් පාලනය කරත්
,
දියවඩන නිළමේගේ කාර්ය්‍යාලයය වම්
පසින් පිහිටා ඇත. මාළිගාවේ අළුත්
ගොඩනැගිල්ල කරඩුවේ පිටුපසින් ඇත. එය
තේමහල් ගොඩනැගිල්ලකී. අමුත්තන්ට බිම් මහලට ඇතුළු වෙද්දි
,
රත්රන් බුදු
පිළිමය
සහා අනිකුත් සරසන
ලද කැටයම්ද දැකිය හැකිවේ.එවා තායිලන්තයේ රජ
පවුලෙන් ප්‍රධානය වු දේවල්ය. කාලයෙන්
කාලයට කරණ ලද කුළුණු ශාලාව පින්තාරූ
කිරිම වලින්
විසිතුරු වි ඇත. එය බැතිමතුන් විසින් විශේෂ අවස්ථා වලදිආගමික
උත්සව සඳහා පාවිච්චි කරනු ලබයි.
නව කෞතුකාගාරය
තට්ටු දෙකකින්
සමන්විත මෙම ගොඩනැගිල්ල අවත් කෞතුකාගාරය සදහා
යොදාගෙන ඇත.එහි දළදා මැදුරට ශත වර්ෂ
ගණනාවක සිටම ලැබුණු තෑගි ප්‍රදර්ශණයට
තබා ඇත.
බාහිර මන්දිරය(
External Edifices)
ධාතු කරඩුව උතුරු දෙසින් අමුත්තන්ට නැරඹිය හැකි වැදගත් මන්දිරය
නම්
-
ප්‍රේක්ෂක ශාලාව යනු (Mogul
Madura)
රැස්විම් පවත්වන ලද
ශාලාවයි.
-
වාර්ෂික පෙරහැරවලදි
අවුරුදු
50කට වැඩි කාලයක් දන්ත ධාතුන්
වහන්සේ වැඩ සිටි මංජුසාව සිය පිට මත තබාගෙන ගිය
82
හැවිරිදි මිය ගිය රාජා
නම් උත්තරීතර ඇතා ගේ දේහයේ
භෂ්මාව ශේෂ ප්‍රදර්ශණය කරණ කාමරය
-
මුල් මුස්ටෝන් මාණික්‍යය,
මෙය
1998 දි බෝම්බ ප්‍රහාරයෙන් විනාශ විය.
වට
ගොඩනැගිලි(
Peripheral Buildings)
සදකඩ පහන මුල් යුගයේදි අර්ධ කවාකාර පැතලි දොරකඩ ගොඩවෙන තැනට
යොදන යොදන ලද,
ගල් ලෑල්ලකි . කැටයම් කරැවන් විසින් එම අර්ධ කවාකාර ගල්
ලෑල්ලේ නව නිර්මාණාත්මක හැකියාවන්
යොදා විසිතුරැ කරණ ලදි .පැරණි
නිර්මාණාත්මක සිතුවිලි ක්‍රමයෙන් අභාවයට ලිය පසු දැන් එවා මල්
විසිතුරු
වලින් සිත්තම් කළ පැතලි සිමෙන්ති
කැට බවට පරිවර්තනය
වී ඇත.
පන්චනාරි
( Panchanari)
කලයක ප්‍රතිරූපය සැදිමට කාන්තාවන් පස් දෙනෙකු
එකට බැදි සිටින
අයුරු පෙන්විම මේ නමින් හැදින්වේ.ඈත
මධ්‍යකාලීන යුගයේ
කලාකරැවන් උතුම් ලෙස ..................නිර්මාණ
ඉදිරිපත් කරනු ලැබුවේ. ගාම්භිර සම්මිශ්‍ර වු
මෝස්තර වලිනි. උදාහරණ
වශයෙන් චතුර්නාරි පල්ලකිය (Chariot of four women),
පංච
නාරි ඝටය(Pot of five women),
සප්තනාරි ගටය(Chariot of seven women)
යනාදියයි.
මකර තොරණ මෙය මකරා නම් වු මිත්‍යා සත්වයකුගේ හැඩයෙන් තැනුන ආරුක්කුවකි.
කුළුණු මුදුනේ යක්ෂ රූප හා දෙපැත්තෙන් කාල යක්ෂයාගේ මුහුණ
පිළිඹිබු කරණ
කිබිසි මුහුණද
වේ. දෙපැත්තෙන් මුහුණේ ආරක්ෂක දෙවියාගේ රූපද වේ.
තේවා කරණ වේලාව
උදේ පෙ.ව.
5.30-8.30
දහවල් පෙ.ව.
9.30-11.00
සවස ප. ව.
6.30-8.30
දළඳා මාළිගාව හා සම්බන්ධ උත්සව
ජනවාරි -අළුත් සහල් මංග්‍යය
අප්‍රියෙල් -නව අවුරැදු උත්සවය
මැයි -වෙසක් පෙරහැර සහ උපසම්ප්‍රධා උත්සවය
ජුලි -අගෝස්තු--නානුමුර මංග්‍යය
දියවඩන නිලමේවරැන්ගේ නම්
|
ස්ථානය
|
කාලය
|
කපුවත්ත අදිකාරම්
|
මහනුවර
|
1814-1824
|
දෙහිගම ලොකුබණ්ඩාර
|
මහනුවර
|
1824-1827
|
කුඩා මොල්ලිගොඩ
|
මහානුවර
|
1827-1828
|
කුඩා දෙහිගම
|
මහනුවර
|
1826-1835
|
මුල්ලේගම අදිකාරම්
|
මහනුවර
|
1835-1842
|
දුල්ලෑවේ අදිකාරම්
|
මහනුවර
|
1842-1848
|
ලොකු බණ්ඩාර දෙහිගම
|
මහනුවර
|
1848-1862
|
කුඩා බණ්ඩාර දුණුවිල
|
මහනුවර
|
1862-1882
|
කුඩා මුදියන්සේ ගිරාගම
|
මහනුවර
|
1882-1897
|
සේනවිරත්න රත්වත්ත
|
මහනුවර
|
1897-1901
|
කුඩා බණ්ඩාර නුගවෙල
|
මහනුවර
|
1901-1916
|
පුංචි බණඩාර නුගවේල
|
මහනුවර
|
1916-1937
|
ටිකිරි බණ්ඩාර රත්වත්තේ
|
මහනුවර
|
1937-1947
|
පුංචි බණ්ඩාර නුගවෙල
|
මහනුවර
|
1947-1961
|
හැරිස් ලෙව්කේ රත්වත්ත
|
මහනුවර
|
1961-1964
|
හීන් බණ්ඩාර උඩුරාවණ
|
මහනුවර
|
1964-19747
|
නිශ්ශංක විජේරත්න
|
මහනුවර
|
1974-1984
|
නෙරංජන් විජේරත්න
|
මහනුවර
|
1984-2005
|
ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර
|
රත්නපුර
|
2005-වර්තමානය දක්වා
|