සංචාරක ස්ථාන

හෝර්ටන් තැන්න

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතාමත් සුන්දර සංචාරක ස්ථානයකි. හෙක්ටයාර 3160 ක පමණ භූමිභාගයකින් සමන්විත තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් වූ හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2,100 - 2,300 අතර උසකින් පිහිටා ඇත. ජල පෝෂක ප්‍රෙද්ශයක් වන මෙම ප්‍රෙද්ශය තුළින් ජලජ පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මහවැලි, කැළණි හා වළවේ යන ප්‍රධාන ගංගා තුනට අවශ්‍ය ජලපෝෂක ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් සදහා වූ ජලපෝෂණයද ලබාදේ.
ඉතාමත් සුන්දර ස්ථාන කිහිපයක් හෝර්ටන් තැන්නේ පිහිටි ඇත. ලෝකාන්තය, කුඩා ලෝකාන්තය,බේකර්ස් ඇල්ල ඉන් ප්‍රමුඛ වේ. හෝර්ටන් තැන්නට අවේනික වු සත්ව විශේෂ මෙන්ම ශාක විශේෂද දැකගත හැක.

     
   
   

උඩවත්ත කැළේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට උතුරින් වන්නට අක්කර 257 ක් පුරා මෙම කුඩා වනාන්තරය පිහිටා ඇත. මහනුවර වැවට ජලය සපයන ප්‍රධාන ජල පෝෂක ප්‍රෙද්ශයක් ලෙස හැ‍දින්විය හැක. ලංකාවට ආවේනික වු ශාක හා සත්ව විශේෂ මෙන්ම කන්ද උඩරටට ආවේනික සත්ව විශේෂ මෙන්ම ශාක විශේෂද මෙහි දැකගත හැක. මෙහි ප්‍රමුඛ හා ද්වියිතියක ශාක වියන් දෙකක් හා යටි ස්ථරයක් ප්‍රමුඛ හා ද්වියිතික වියන් ඝනව වැඩි ඇති බැවින් වනාන්තරය තුළ පොළව මතුපිටට සුර්යාලෝකය පතිත වීම ඉතා සුලු වශයෙන් සිදුවේ.

     
   
   
   

හන්තාන කදු වැටිය

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිවා ඇති අති සුන්දර කදු පන්තියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක්‌ පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝෂණය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඈත.

     
   
   

ශ්‍රී දළදා මාළාගාව

බුදුරණන් වහන්සේ වම් දන්ත ධාතූන් වහන්සේ තැම්පත් කර ඇති ශ්‍රී දළදා මාළිගාව බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙසින් සැලකේ. පළමු වන විමලධර්ම සූරිය රජු විසින් ඉදි කර ඇති අකර පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැඩසිටින මාළිගාව ඉදි කරන ලදි. දෙස් විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් දිනපතා දන්ත ධාතූන් වහන්සේ වන්දනාමනාක කර ගැනීම සදහා මෙම ස්ථානයට පැමිණෙති.

     
   
   

සීගිරිය

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිගිරිය ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශීල්පයේ සුවිශේෂි ස්ථානයක් ලෙසින් සිගිරිය සැලකිය හැක. පළමුවන කාෂ්‍යප රජු විසින් ඉදි කර ඇති මෙය ක්‍රි.ව. 5 වන සියවසට අයත්වේ.

     
   
   

දඹුල්ල

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික දඹුල්ල රජ මහා විහාරය ක්‍රි.පු. 7 වන සියවස තරම් ඈත අතීතයකට නෑකම් කියන ලෙන් විහාර සංකිර්ණයකි. ආකර්ෂණීය චිත්‍ර හා පිළිම නිර්මාණය කර ඇති අතර වර්තමානය දක්වා සුරක්ෂිතව දක්නට ඇත.

     
   
   

දෙගල්දොරුව රජ මහා විහාරය

මහනුවර අම්පිටිය ග්‍රාමයේ පිහිටා ඇති සකස් කළ ගල් ලෙනක් තුළ නිර්මාණය කර ඇති මෙහි මහනුවර යුගයේ චිත්‍ර දක්නට ඇත. කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ මෙහි වැඩකටයුතු නිම කළේ ශ්‍රී රාජාධි රාජසිංහ රජු විසින් ක්‍රි.පූ. 1786 දීය. රජු විසින් වැඩ නිමකරවා මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ.

     
   
   

පුසුල්පිටිය රජ මහා විහාරය

මෙම විහාරයේ ආරම්භය පිළිබදව නිශ්චිත නොවුවත් දුටුගැමුණු කුමරු කොත්මලේට පැමිණිමට පෙර දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිවු විහාරයක් බව විශ්වාස කෙරේ.

     
   
   

ගඩලාදෙණීය විහාරය

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් විශේෂිත විහාරස්ථානයකි. මෙම විහාරස්ථානය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංග සම්පුර්ණ ගල් විහාරය ලෙස සැලකේ. හතරවන බුවනෙකබාහු රජ සමයේ ඉදි කර ඇති මෙහි දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැළසුමකට අනූව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ. මෙහි මුලික ඉදිකිරීම් හා වාස්තු කලා ලක්ෂණ දකුණු බන්දීය විනය නගර් සම්ප්‍රදායට සමානත්වයක් දක්වයි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් මත මෙම විහාර ගොඩනැගිල්ල ඉදි කර ඇත. විහාරය ප්‍රථිමාගෘහයකින්, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, සංඝාවාසයකින් හා දේවාල දෙකකින් සමන්විත වේ. මීට අමතරව මෙහි දේවාල දෙකක් ද දක්නට ලැබේ.

     
   
   

ඇම්බැක්ක දේවාලය

14 වන සියවසේ ගම්පල රාජධානි සමයේ 3 වන වික්‍රමබාහු රජු විසින් ඉදි කරන ලදි. වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් හේතවෙනි. වික්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වන හෙනකද බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසය වේ. ඇම්බැක්කේ වර්ණනාව නම් කාව්‍ය ග්‍රන්ථයෙහි දේවාලය ඉදි කිරිම සම්බන්ධව විස්තර ඇතුළත් වේ.

     
   
   

 

 
Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council