මධ්‍යම පළාත් පිරිවෙන් පිළිබද තොරතුරු‍
පිරිවෙන හි නම  
දිස්ත්‍රික්කය  
කලාපයේ නම  

පිරිවෙන් අධ්‍යාපනය
ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳ කරනු ලබන ඕනෑම විමසීමක දී හෝ විශ්ලේෂණයක දී හෝ පර්යේෂණයක දී වැලිවිට සරණංකර සංඝරාජ යුගය පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ. උන්වහන්සේගේ ශාසනික ආගමික සංස්‌කෘතික හා අධ්‍යාපනික ක්‍රම වේදයන් ඉවත්කිරීම තුළ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳව කිසිදු කරුණක්‌ හැදෑරිය නොහැකි වේ. ඒ එතරම්ම ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනපෙවෙත හා භික්‌ෂූ සමාජය තුළ කි¹ බැස ඇති බැවිනි.

කෙසේ වුවද කන්ද උඩරට අධ්‍යාපනික තත්ත්වයන් පිළිබඳව යම් තරමක හැඳින්වීමක්‌ කිරීම තුළ එකී වටපිටාව පිළිබඳව යම් තලයක අවබෝධයක්‌ ලබා ගත හැකිය. මහනුවර සමයෙ අධ්‍යාපනය අතින් අතීතයේ දී අඳුරු කාලයක්‌ පසු කළ යුගයකි. මෙම කාලය තුළදී එකදු අධ්‍යායන ආයතනයක්‌ හෝ පිරිවෙනක්‌ නොතිබිණි. නමුත් පරාක්‍රමබාහු නම් පිරිවෙනක්‌ සිදුරුවානේහි ද අභයරාජ නමැති පිරිවෙනක්‌ වල්ගම්පායෙහි ද තිබූ බවද වික්‍රමබාහු රජුගේ කාලයේදී පැවසෙතත් නිසි අධ්‍යාපනයක්‌ ලබා දුන් සමාජගත ආයතන ලෙස පිහිටුවා තිබූ බවට පැහැ ලි සාක්‍ෂි සොයා ගත නොහැක. එබැවින්ම මහනුවර යුගයේ අධ්‍යාපනික තත්ත්වයන් පිළිබඳව අදහසක්‌ ලබාගත හැක. නමුත් බෞද්ධ ඉතිහාසය සමාරම්භයේ පටන් වැදගත් තත්ත්වයන්ගෙන් පිරිවෙන් නාමයද භාවිත වී තිබේ.

බුදුරජුන්ගේ සමයේදී පිරිවෙන් භාවිතවූයේ පාලි භාෂාව අධ්‍යයනය කිරීම සඳහාය. එය ගොඩනැඟිල්ලක නිසාවත්ත හෙවත් ඉ රිපස කොටස යන අර්ථය දක්‌වනු ලබයි. ගන්ධ කුටි පිරිවෙන, වච්ච කුටි පිරිවෙන යනුවෙන් අදහස්‌ කරන්නේ මෙම නිසාවත්ය. කාලයාගේ ඇවෑමෙන් විහාරවල නිසාවත්ත යන නාමය භික්‌ෂූන්ගේ අධ්‍යාපනය සඳහා යොදාගන්නා ස්‌ථානය ලෙස ජනයා විසින් හඳුන්වනු ලැබේ. නිසාවත්ත නාමය කොටගෙන වෙනමම ගොඩනැඟිල්ලක්‌ භික්‌ෂු අධ්‍යාපනය සඳහා ආරම්භ වූ අතර පසුව එය පිරිවෙන් ලෙස නම් කෙරිණි. නමුත් ඇතැම්විට භික්‌ෂූන් වාසය කළ ආරාමද මෙම නමින් හඳුන්වනු ලැබූ බවට සාක්‍ෂි ලැබේ. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය ආදී යුගවල ලංකාවේ භික්‍ෂූන් සඳහා භාෂාඥනය ප්‍රගුණ කිරීම ප්‍රමුඛ කොටගෙන පිරිවෙන් ආයතන බොහෝa ගණනක්‌ විය. සංදේශ ග්‍රන්ථයන්හි විශේෂිත වූ කෝaට්‌ටේ යුගයේ පිහිටු වූ පද්මාවතී සහ විජයබා පිරිවෙන් එකී අධ්‍යාපනයන් හා ශාස්‌ත්‍රවේදයන් වූ බව සඳහන් කරයි.

මහනුවර යුගයේ දී පෝය මළු, අස්‌ගිරි ආදී විහාරවල භික්‌ෂු අධ්‍යාපනයන් සිදුකළ නමුත් ඒවායේ පිරිවෙන් තුළ ඇති මූලික ලක්‌ෂණයන් හෝ නොතිබිණි. එබැවින් ඒවා පිරිවෙන් ලෙස නොහඳුනන ලදී. නියම කන්දේ පිහිටු වූ සරණංකර හිමියන්ගේ භික්‍ෂූ අධ්‍යාපන ආයතනය උන්වහන්සේ විසින්ම හඳුන්වනු ලැබුවේ ආරාමයක්‌ වශයෙන් විනා පිරිවෙනක්‌ වශයෙන් නොවේ. විටින් විට ඇති වූ පරසතුරු වියවුල් නිසා බොහෝ විට අධ්‍යාපනය අතරමඟදී නවැත්වීම නිසාද මහනුවර යුගයේ අධ්‍යාපනය ලබාදුන් පිරිවෙන් හි වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ නොවූහ.

දැන් පවතින තත්ත්වයද එදා පැවති තත්ත්වයට වඩා වෙනස්‌ වී තිබේ. අද මහනුවරදී පමණක්‌ නොව මුළු වයින පුරාම පිරිවෙන් අධ්‍යාපනයෙහි පැහැ ලි සංවර්ධිත තත්ත්වයක්‌ දැකිය නොහැක. සමස්‌තයක්‌ ලෙස සෑම පිරිවෙනක්‌ම පවත්වාගෙන යනු ලබන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය. ඒවායේ නිත්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව සාමාන්‍යයක්‌ ලෙස ගත්විට අඩු ප්‍රතිශතයක්‌ පවති. ගුණාත්මක අගයද පිරිහෙමින් තිබේ. සමාජ මෙහෙවර අඩු මට්‌ටමකය. සැබැවින්ම එය සමස්‌ත අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළදීම දැකිය හැක්‌කේ අවම අනුපාතයකිනි.

සංඝරාජ හිමියන් මහනුවර යුගයේ මේ වනවිට වර්ෂ 310 ක්‌ සපිරෙන මේ අවස්‌ථාවේදී හෝ උන්වහන්සේගෙන් ලැබූ සේවය නැවත සිහිපත් කිරීම සැබැවින්ම වැදගත් වේ.
 
 
Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council